Sunday, December 29, 2024

General line - 0115112241

දූත පිරිසට 17ක් අරගෙන ජනපති පිටත්වෙයි




එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වැනි සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමරිකාව බලා පිටත්වී තිබෙනවා.

අද (17) පෙරවරු 10.35ට ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය අමරිකාව බලා පිටත්ව ගිය බවයි අප වාර්තාකරු පැවසුවේ. 

මෙම සංචාරය සදහා දුත පිරිස 17 දෙනෙකු එක්ව සිටිනවා.

----------------------------------------

ජනපති අද අමෙරිකාවට යයි (17-09-2017 05:46)

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වැනි සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (17) ඇමෙරිකාව බලා පිටත්ව යනවා.

ජගත් මහමණ්ඩලයේ ප‍්‍රධාන සැසිවාරය ආරම්භ වන්නේ ලබන 19 වැනිදායි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජගත් මහමණ්ඩල සැසිය අමතන තුන්වැනි අවස්ථාව මෙය වනවා.

මෙවර එහි තේමාව වන්නේ ‘ජනතා කේන්ද්‍රීය තිරසර ලෝකයක් මත සැමදෙනා හට වැදගත් ජීවිතයක් සහ සාමය සඳහා ප‍්‍රයත්න දැරීම' යන්නයි.

ජගත් මහාමණ්ඩල සැසිය ආරම්භක දිනයේ පස්වරුවේදී ජනාධිපතිවරයා එහි විශේෂ දේශනයක් කිරීමට නියමිතව ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.

ශ‍්‍රී ලංකාවේ දේශපාලනික සම්මුතිවාදය පිළිබඳව මෙන්ම සංහිඳියාව සහ සාමය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා විසින් ලෝක නායකයින් දැනුවත් කිරීමට නියමිතයි.