Thursday, May 2, 2024

General line - 0115112241

සෞඛ්‍ය සේවාවේ මතභේදයට තුඩුදුන් සිද්ධීන් 3ක් පිළිබඳ වාර්තා කැඳවයි




සෞඛ්‍ය සේවාවේ මතභේදයට තුඩුදුන් සිද්ධීන් 3ක් පිළිබඳ වාර්තා කැඳවීමට තීරණය කර තිබෙනවා.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු මියයාම පිළිබඳවද මෙහිදී වාර්තාවක් කැඳවනු ඇති.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාරට මේ පිළිබඳව දැනුම් දී තිබෙනවා.

එමෙන්ම හෘදයේ සංකූලතාවක් ඇතිවී ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා රඹෑව රජයේ ග‍්‍රාමීය රෝහලට පැමිණි පාසල් සිසුවාට ප‍්‍රතිකාර නොකිරීම පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වාර්තාවක් කැඳවා තිබෙනවා.

මාතර මහරෝහලේ බාහිර රෝගී අංශයේ ප‍්‍රතිකාර කරමින් සිටි වෛද්‍යවරියකට පුද්ගලයකු විසින් බැණවැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද වාර්තාවක් ලබාදෙන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට දන්වා ඇත්තේ.