Monday, April 29, 2024

General line - 0115112241

කැරිබියානු දුපත් වලට තවත් සුළි කුණාටුවක් 




අත්ලාන්තික් සාගරයේ බටහිර ප්‍රදේශයේ හටගත් මරියා සුළි කුණාටුව චන්ඩ මාරුතයක් බවට වර්ධනය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ හේතුවෙන් ඉර්මා චන්ඩ මාරුතය නිසා හානියට පත් කැරිබියානු දුපත් වලට යළි බලපෑමක් එල්ල විය හැකි බවට ඇමරිකානු සුළි සුළං මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබෙනවා. 

පැයට කිලෝමීටර 193 දක්වා වේගයක් සහිත මරියා චන්ඩ මාරුතය අඟහරුවාදා හෝ බදාදා වනවිට කැරිබියානු දුපත් වෙත ළඟාවීමට නියමිතයි.

මේ හේතුවෙන් ලබන සතිය ආරම්භයේ ඇමරිකාවේ ඊසානදිග ප්‍රදේශවලට තද වැසි සහ දැඩි සුළං අපේක්ෂා කෙරෙන බවත් වාර්තා වනවා.