Sunday, December 29, 2024

General line - 0115112241

ශ්‍රීලනිප ආසන සංවිධායක තනතුරුවල වෙනසක්




අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ හොරොව්පතාන ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක ලෙස කටයුතු කළ හේරත් බණ්ඩා එහි ප‍්‍රධාන සංවිධායක ලෙස පත් කර තිබෙනවා. 

එමෙන්ම කැකිරාව ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සම සංවිධායක ලෙස කටයුතු කළ රෝහණ ජයකොඩි එහි ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කර ඇති අතර පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ මින්නේරිය ආසනයේ හිගුරක්ගොඩ බල ප‍්‍රදේශයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස චමින්ද ප‍්‍රදීප් රත්නායක පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.  

මොවුන් ඊයේ (16) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්තා.