Sunday, December 29, 2024

General line - 0115112241

වැටලීමකට ගිය පොලිසියට ප්‍රහාරයක්




වැලිඔය, ජනකපුර ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසකට ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ගංජා සොයා සිදු කෙරුණු වැටලීමකදී වැලිඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලූ පිරිසකට ගම්වාසීන් විසින් මෙලෙස පහර දී ඇති බවයි.

ඉන් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලැබූ අතර ජිප් රථයකට ද හානි සිදුව තිබෙනවා.

තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනා ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ වැලිඔය රෝහලටයි.

පහරදීම සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකෙරෙනවා.