Sunday, April 28, 2024

General line - 0115112241

ඉන්දු පාකිස්තාන ගැටළු  අමෙරිකාවේ දී විසඳන්න ලොකු වෑයමක




පාකිස්තානය හා ඉන්දීයාව අතර පවතින විදේශ ප්‍රතිපත්ති තහවුරු කර ගත යුතුව ඇති බව පාකිස්තානය පවසනවා.

ඒ හේතුවෙන් දෙරටේ පවතින ගැටළු විසඳා ගත හැකි බවයි පාකිස්තානය පෙන්වා දෙන්නේ.

72 ජගත් මහා මණ්ඩල සැසිවාරයට ගොස් සිටින පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යරයා එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් හමුවීමට නියමිතයි.

මෙහිදී දෙරට අතර පවතින ගැටළු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අවධානය යොමු කිරිමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.

72 ජගත් මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටව ගොස් තිබෙනවා.

එහිදී ලොව නායකයින් රැසක් හමුවීමට නියමිතව ඇති අතර අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ද ඒ අතර වනවා.