රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය යළිත් වර්ජනයක් කැඳවා තිබෙනවා.
සයිටම් ගැටලූවට රජය තවමත් නිෂ්චිත විසඳුමක් ලබා දී නැති බවයි එම සංගමය පවසන්නේ.
ඒ අනුව, අනිද්දා (21) දීප ව්‍යාප්ත වර්ජනයක් කැඳවා ඇති බවයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික සමන්ත ආනන්ද නෙත් නිවුස් වෙත කියා සිටියේ.
නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ප්‍රමුඛ පංච පුද්ගල කමිටුවක් විසින් ඉකුත් දා ප්‍රකාශයට පත් කළ සයිටම් ගැටලූව විසඳුමට යෝජනා කෙරුණු කමිටු වාර්තාව පිළිබඳවද සෑහීමකට පත් විය නොහැකි බවයි ඔහු කියා සිටියේ.