Monday, May 6, 2024

General line - 0115112241

පවුල් ආරවුල විසඳන්න සිරමැදිරියට දැමූ සිරකරුගේ මරණය ගැන පරීක්ෂණ




පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිරමැදිරියක් තුළ රඳවා සිටි පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි මාරක්ගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අද (19) දහවල් අත්අඩංගුවට ගෙන තිබුණේ පවුල් ආරවුලක් හේතුවෙන්.  පොලීසිය සැක කරන්නේ ඔහුගේ මියයාම දිවිනසා ගැනීමක් බවයි.

එහෙත් පොලිස්පතිවරයා විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට උපදෙස් ලබා දී තිබුණා. ඒ අනුව පිටිගල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් හට දැඩි විනය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස නියෝග කර ඇති බවයි පොලිස් මූලස්ථානය කියාසිටියේ.