Tuesday, May 7, 2024

General line - 0115112241

දුම්රියත් වර්ජනයක් අරඹයි




දුම්රිය වෘත්තීය සමිති රැසක් එක්ව වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. හෙට (20) මධ්‍යම රාත්‍රියෙන් ඇරඹෙන මෙම වර්ජනය හේතුවෙන් හෙට (21) දිනයේ දුම්රිය සේවා අඩාලවනු ඇති.

දුම්රිය ස්ථානාධිපතිවරු, නියාමකවරු සහ පාලකවරු මෙලෙස වර්ජනයේ නිරත වීමට නියමිතයි.

වැටුප් විෂමතා ගැටළුව සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මේ වනවිට විදුලි බල මණ්ඩල සේවකයින්ද වර්ජනයක නිරත වනවා.