Monday, May 6, 2024

General line - 0115112241

ඒකාබද්ධයේ මන්ත්‍රීවරු හතක් එක්ව හදාගත් කෝච්චි කල්ලිය වැඩ අරඹයි!

නිමල් අල්ගෙවත්ත - හබරාදුව




දකුණු පළාත් සභාව නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් 07 දෙනෙකු එකතු වී "ගාල්ලේ අපි" නොහොත් "කොච්චි කල්ලිය" නමින් වෙනම කණ්ඩායමක් පිහිටුවා ගත් බව දකුණු පළාත් සභා මන්ත්‍රී චම්ලි විතානාච්චි පවසනවා.

අද (19) දින මෙම කණ්ඩායම පිහිටුවීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද පැවසීය. "අපි ඒකාබද්ධ විපක්ෂය තුල සිටිමින් දකුණු පළාත් සභාවේ තීරණාත්මක පිරිස වෙනවා. එමෙන්ම මේ සදහා ඉදිරියේ දී තවත් පිරිස් එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මාසයකට සැරයක් රැස් වී අපි කතා කරනවා. ඒ වගේම පළාත් සභාව තුළ සිදු කරන හොඳ දේ සදහා අපි අපේ සහය ලබා දෙනවා." එසේ නොමැතිව අපේ කණ්ඩායම කිසිවෙකුටත් වෙනම සැලකීමක් කරන්නේ නැහැ.

මෙම කණ්ඩායම සදහා චම්ලි විතානාච්චි, ක්‍රිෂාන්ත පුෂ්පකුමාර, චන්න සාලිය, පද්මසිරි ද සිල්වා, දුල්ෂාන් කාරියවසම්, සිසිර කුමාරත්න, ආරියවංශ ෂම්මු යන අයත් වන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.

ඉදිරියේ දී දකුණු පළාත් සභාව තුළ මෙම කණ්ඩායම එක්ව සිටීමටත් එක්ව තීරණ ගැනීමට තීරණය කර තිබෙනවා.