Tuesday, May 7, 2024

General line - 0115112241

බෙන්තොට හෝටලයක වෙඩි තැබීමක් (VIDEO)

කේ. කේ. නිමාලි ප්‍රියදර්ශනි




බෙන්තොට බීච් හෝටලයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඊයේ රාත්‍රී 10.30ට පමණ මෙය සිදුවී ඇති අතර වෙඩි තැබීමෙන් හෝටලයේ සේවය කරන 52 හැවිරිදි ආරක්ෂක නිලධාරියකු තුවාල ලබා ඇති බව අප වාර්තාකරු පැවසුවා.

තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා කළුතර නාගොඩ රෝහල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔහු ගාල්ල, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වනවා.

මේ සම්බන්ධයෙන් බෙන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.