Monday, May 6, 2024

General line - 0115112241

සබරගමුවේ බලය කෑගල්ලෙන් ගලවන සුදානමක් ?




සබරගමුව පළාත් සභාව මීළඟ මැතිවරණයකින් ජය ගැනීම සඳහා ප්‍රධාන පක්ෂ තුනම සිය අවදානය යොමු කර තිබෙනවා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහ ඇමති අපේක්ෂකත්වය එළඹෙන  මැතිවරණයකදී ලබා ගැනීම සඳහා දිස්ත්‍රික්ක දෙකක්ම උත්සහ දැරීම නිසා උණුසුම් තත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

රත්නපුර දිස්ත්‍රික්කයට මහ ඇමති අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා පිරිසක් උත්සහ දරන අතර තවත් පිරිසක් උත්සහ දරන්නේ එය කෑගල්ලට ලබාගැනීමටයි.

කෑගල්ල දිස්ත්‍රික්කයට  මහ ඇමති අපේක්ෂකත්වය ලැබිය  යුතු බවට ඉල්ලීම් රැසක් ලැබෙමින් ඇති අතර ඇතැම් එම ප්‍රදේශයේ ප්‍රබලයන් එයට බාධා කරන බව පවසමින් දිස්ත්‍රික්කයේ ශාඛා සමිති නියෝජිතයන් ද චෝදනා කර ඇති බවයි nethnews.lk වෙත වාර්තා වුණේ.


ශ්‍රී ලංකාවේ ඉහළම විරැකියා අනුපාතය ඇති දිස්ත්‍රික්ක අතර පළමු ස්ථානයට  කිලිනොච්චිය ද දෙවන ස්ථානයට  කෑගල්ල  දිස්ත්‍රික්කය ද පත්ව ඇති බවයි සංඛ්‍යාලේඛණවල ද සඳහන් වන්නේ.

යුද්ධය නිසා කිලිනොච්චියේ විරැකියා අනුපාතය ඉහළ ගිය ද කෑගල්ල දිස්ත්‍රික්කයේ එවැනි තත්ත්වයක් ඇති වීම ඛේදජනක බවයි කෑගල්ල එජාප ප්‍රාදේශීය නායකයන් පෙන්වා දෙන්නේ.

එම දිස්ත්‍රික්කයේ රැකියා ඉල්ලුම්පත් අතරින්  99%ක් පමණ රජයේ රැකියා ඉල්ලා සිටින බව ද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

එවැනි තත්ත්වයක් තුළ එජාපයට ජයගත හැකි කෑගල්ලට වැඩි බරක් යෙදීම යහපත් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.