Sunday, May 5, 2024

General line - 0115112241

ලෝකයේ කිසිම රටක නැති ශ්‍රී ලංකාවේ තිබූ අසීමිත බලය ගැන ලෝක නායකයින් ඉදිරියේ ජනපති පවසයි (VIDEO)




ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශී‍්‍ර ලංකා වේලාවෙන් අද (20) අලූයම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතුවා.

ජනාධිපතිවරයා මෙවර සමුළුව ඇමතුවේ සිංහල භාෂාවෙන්වීම විශේෂත්වයක්.

එහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවසුවේ ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම්, ප‍්‍රතිසන්ධානය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම නිදහස මේ වනවිට උදාවෙමින් ඇති බවයි.

ලෝක ප‍්‍රජාව ඒ සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් බලා සිටින බවත් ජනාධිපතිවරයා එහිදී කියාසිටියා.

තමා බලයට පත්වීමට පෙර තිබූ බියෙන් සහ සැකයෙන් ජීවත් වූ තත්ත්වයට වඩා අද ශී‍්‍ර ලංකාව නිදහස් රටක් බවත් පරිවර්තනීය වෙනසකින් පසු ගත වූ මාස 20 ක පමණ කාලය තුළ ශී‍්‍ර ලංකාව විවිධ ක්‍ෂේත‍්‍රයන් ඔස්සේ ඉදිරියට ගමන් කරමින් සිටින බවත් පෙන්වා දුන්නා. 

ශී‍්‍ර ලංකාවේ ජනතාව ලෝකයේ සතුටින් හා එක් රටක් තුළ ජීවත් වන පිරිසක් බවට පත් කිරීම තම අරමුණ බවද ජනාධිපතිවරයා සදහන් කළා. 

2015 වසරේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තමා පත්වීමට පෙර ලෝකයේ කිසිම රටක කිසියම් නායකයෙකුට නොතිබුණු අසීමිත බලයක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාට තිබූ බවද සඳහන් කළා.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)