Sunday, May 5, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසමෙන් කණගාටුව පළ කරමින් ලිපියක්




පළාත් පාලන සංශෝධන පනත් කෙටුම්පත අද (20) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඒ. විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින්.

ඊට අදාළ සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා අද දහවල් 12.30 තෙක් දේශපාලන පක්‍ෂවලට අවස්ථාව ලබාදී තිබෙනවා.  

මේ අතර මැතිවරණ කොමිසම ඊයේ (19) රැස්වී ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 

මැතිවරණය තවදුරටත් කල් දමන්නේ නම් ඊට කණගාටුව පළ කරමින් කතානායකවරයා වෙත ලිපියක් යොමු කිරීමටයි මෙහිදී තීරණය කර ඇත්තේ.

මෙම හමුවට පෙර ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍ර කණ්ඩායමේ පිරිසක්ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මුණ ගැසී සාකච්ඡා කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.