Sunday, May 5, 2024

General line - 0115112241

එංගලන්තෙට පෙරළුණු කාසිය ලංකාවට වාසි වෙයි




2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඍජුවම සුදුසුකම් ලබාගැනීමට ශී‍්‍ර ලංකාවට අවස්ථාව උදා වුණා.

ඒ, එංගලන්තය සමග පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලූ 7 කින් පරාජයට පත්වීම හේතුවෙන්.

එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශී‍්‍ර ලංකාව 08 වන ස්ථානයේ පසුවන අතර කොදෙව්වන් පසුවන්නේ 9 වන ස්ථානයේයි.

ඒ අනුව ලෝක කුසලානයට ඍජුවම සුදුසුකම් ලබන්නේ පළමු ස්ථාන අටේ පසුවන කණ්ඩායම් පමණයි.

8 වන ස්ථානයට පැමිණීම සදහා එංගලන්තය සමග පැවැත්වෙන සියලු තරග කොදෙව්වන් ජයගත යුතු වුවත් ඊයේ (19) පරාජයත් සමග ඔවුන්ට එම අවස්ථාව අහිමි වී ගියා.