Wednesday, January 1, 2025

General line - 0115112241

පාර්ලිමේන්තු පාර වැසේ - මාර්ග තදබදයක් ඇති වෙයි (UPDATE)




පාර්ලිමේන්තු වට රවුමේ සිට පාර්ලිමේන්තුව දක්වා මාර්ගය පොලීසිය විසින් තාවකාලිකව වසා දමා තිබෙනවා.

අතුරුදන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන්ම ඉවත් කළ යුතු බවට බල කරමින් පවත්වනු ලබන විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් මෙම මාර්ගය වසා දමා ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම මේ හේතුවෙන් ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය වී ඇති බවත් රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලීසිය ඉල්ලා සිටිනවා.

 

----------------------------

පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කෙරේ

(20-09-2017 10:11)

පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

කැරලි මර්දන බටයින්, රථ සහ මාර්ග බාධකද එම ස්ථානයට ගෙනවිත් තිබෙනවා.

පොලිසියෙන් කල විමසීමකදී කියා සිටියේ අබාධිත රණවිරුවනගේ විරෝධතා පෙලපාලියක් අද (20) පැවැත්වීමට නිමිත බැවින් එලෙස ආරක්ෂාව යොදවා ඇති බවයි.