Monday, May 13, 2024

General line - 0115112241

"අමාරු අවස්ථාවක් " - ලෝක කුසලාන වරම හිමිවූ බව දැනගැනීමෙන් පසුව තරංග ICCයට කිව්ව දේ 




ජාත්‍යන්තර ක්‍රිකට්  කවුන්සිලය සංවිධානය කරන තරගවලදී ශ්‍රී ලංකාව  විශේෂ දක්ෂතා දක්වා ඇති බව එක්දින නායක උපුල් තරංග පවසනවා.

 2019 ලෝක කුසලාන තරගාවලියේදී  ශ්‍රී ලංකාව වෙනත් අවස්ථාවල දී මෙන්ම  එලෙස  සූදානමින් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබූ අවස්ථාවෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට්  කවුන්සිලයේ  වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් උපුල් තරංග මේබව පවසනවා.


ලංකාව  අමාරු අවස්ථාවක් පසු කරන බව  රහසක් නොවන නමුත් තම කණ්ඩායම  කෙරෙහි විශ්වාසය තබන ප්‍රේක්ෂකයන්ට  ස්තුති කරන බවද ඔහු සඳහන් කර තිබෙනවා.