Wednesday, May 1, 2024

General line - 0115112241

කාඩ් එක උස්සලා  'අවන් කරගහන් යන' මේ මහත්මයාව දන්නවා ද ?(VIDEO)




ජා ඇල කොටුගොඩ කසගහවත්ත ප්‍රදේශයේ දී නැතිවූ බැංකු කාඩ්පතක් යොදා ගනිමින් වංචනිකව කටයුතු කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් දර්ශන nethnews.lk වෙත ලැබී තිබෙනවා.

මෙම පුද්ගලයා කාඩ්පත යොදාගනිමින් මිනුවන්ගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකින් භාණ්ඩ ලබාගෙන ඇති අතර ඉන්ධන පිරවුම්හල් 4කින් වාහනයකට ඉන්ධන පුරවා තිබෙනවා.

පසුව SERVO TRADING නම් ස්ථානයෙන් මෙම වංචාකරුවා  මයික්‍රෝවේව් අවන් එකක්ද මිළට ගෙන ඇති අතර ඔහුගේ එම දර්ශන පහතින් දැක්වෙනවා.

මෙම පුද්ගලයා  සම්බන්ධයෙන්  තොරතුරක් දන්නා අයට සීදුව පොලිස් ස්ථානයේ 0112253522 දුරකථන අංකයට තොරතුරු ලබාදිය හැකියි.