Sunday, May 5, 2024

General line - 0115112241

ඔසරි පොටෙන් ගිනස් පොතට ගිය නුවර මනාලිය (PHOTOS)

කමල් සුරවීර - මහනුවර




ලොව දිගම ඔසරි පොට සහිත ඔසරිය ඇඳ ගිනස් වාර්තාවකට හිමිකම් කීමේ අරමුණින් මානාලියක් අද (21) මහනුවර ගන්නෝරුවේදී  මංගල ගමන් ඇරඹුවා. ලොරියක පටවා තිබූ ඔසරි ‍පොට ලොරිය තුළ සිට දිග හරිනු ලැබූ අතර එය මාර්ගය එක පෙළට රැස්ව සිටි පාසැල් සිසුවියන් 250 දෙනෙකු විසින් අල්ලාගෙන සිටිනු දක්නට ලැබුණා.

උඩරට මානාලියක සේ හැඩගැන්වුණු  ඇයගේ ඔසරි පොට මීටර් 3200 දිගකින් යුතුය. මනාල යුවළ අද (21) පෙරවරුවේ මහනුවර ගන්නෝරුව මංසන්ධියට පැමිණීමෙන් පසු ගිනස් වාර්තාව නිරීක්ෂණය කිරීම සඳහා නම්කර තිබූ කමිටුව ඉදිරියේ ඔසරි පොට ගැටඹේ මංසන්ධියේ සිට ඊරියගම මංසන්ධිය දක්වා දිග හරිනු ලැබීය.

මෙම මනාල යුවළ වූයේ සජිනි ප්‍රියංගිකා සහ රුවන් පුෂ්කුමාර යුවළයි.

මෙයට ‍ප්‍රථම මෙම ගිනස් වාර්තාවට හිමිකම් කියන ලද්දේ ඉන්දියානු මනාලියක් වන අතර ඇය මීටර 2800 ක දිගින් යුත් සාරිපොටක් සහිත සාරියක් ඇඳ ගිනස් වාර්තාව පිහිටුවා තිබෙනවා. මනාලිය හැඩගන්වා ඇත්තේ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ඉන්ද්‍රමාලා රාජපක්ෂයි. 

මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයෙකු ලෙස පැමිණ සිටියා.