Friday, October 18, 2024

General line - 0115112241

"යළිත් බරවා රෝගීන් මතුවෙයි - හේතුව ෆේස්බුක්"




බරවා මර්දන වැඩසටහන් යම් ප‍්‍රමාණයකින් පසුබෑමකට ලක්ව ඇති බව ජාතික බරවා මර්දන ව්‍යාපාරය පවසනවා.

එහි අධ්‍යක්‍ෂිකා වෛද්‍ය දේවිකා මෙන්ඩිස් නෙත් නිවුස් වෙත කියා සිටියේ සමාජ ජාල ඔස්සේ පසුගියදා පළ වූ අසත්‍ය පුවත් මීට හේතුවක් වී ඇති බවයි.

"බරවා ව්‍යාප්තිය තිබුණ දිස්ත්‍රික්ක ලෙස අපි හඳුනාගෙන සිටියේ පුත්තලම, කුරුණෑගල, ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට වගේ ප්‍රදේශ. මේ දිස්ත්‍රික්කවල බරවා මර්දන ව්‍යාපාරයට අනියුක්ත නිලධාරීන් සේවය කරනවා. මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර සහකාර නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තමයි රාත්‍රි කාලයේදී නිවාසවලට ගිහින් මහජනතාවගෙන් රුධිර සාම්පල ලබා ගන්නේ. පසුගිය කාලයේ ජනතාවගෙන් මේ වැඩේට ලොකු සහයෝගයක් ලැබුණේ නැහැ. ඒකට හේතුව තමයි ෆේස්බුක් හරහා ගෙනිච්ච් බොරු ප්‍රචාරය.. එ් හරහා කිව්වා HIVආසාධනය පතුරවනවා කියලා..මේකට ජනතාව බය වුණා. අපි නිවෙන්වලට යන්නේ රාත්‍රි කාලයේ. එහෙම ගියාම ජනතාව දැඩි විරෝධයක් දැක්වුවා..පොලිසියට කෝල් කළා. මේ නිසා අපේ වැඩකටයුතු අඩාල වුණා."

ශ‍්‍රී ලංකාවෙන් බරවා රෝගය තුරන් කළ බව පැවසුණ ද එම රෝගීන් තවමත් ඇතැම් ප‍්‍රදේශවලින් හමුවන බව නෙත් නිවුස් ඊයේ (23) අනාවරණ කළා.

ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය ක්ෂේත‍්‍ර නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් ජයන්ත රණතුංග පැවසුවේ පසුගිය කාලයේ කළ රුධිර පරීක්ෂාවන්හිදී එලෙස බරවා රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වූ බවයි.