Tuesday, April 30, 2024

General line - 0115112241

බාලි දූපතේ ගිනි කන්ද වසර 50කට පසුව සක්‍රීය වෙයි




ඉන්දුනීසියාවේ බාලි දූපතේ පිහිටි ආගුන්ග් ගිනිකන්ද වසර 50කට පසුව සක්‍රීය වීමට පටන් ගෙන තිඛෙනවා.

මේ හේතුවෙන් 35,000කට පමණ පිරිසක් ඉන් ඉවත්වීමටයි කටයුතු කර ඇත්තේ.

ඉන්දුනීසියාවට අයත් බාලි දූපත සැළකෙන්නේ සංචාරක පුරවරයක් ලෙසටයි. ගිනිකන්දේ අභ්‍යන්තරයෙන් ගිගුරුම් හ නැගීමට පටන්ගෙන ඇති බැවින් ගිනිකන්ද අසල සිට කිලෝමීටර් 12ක් පමණ දක්වා දුරක වෙසෙන්නන්ට ඉවත් වන ලෙසට බලධාරීන් දැනුම් දී තිබෙනවා.

වසර 54කට පමණ පෙර මෙම ගිනිකන්ද පුපුරායාමෙන් පුද්ගලයන් 1,100ක් මියගොස් තිබුණා.