Tuesday, April 30, 2024

General line - 0115112241

චීනයේ WhatsApp භාවිතය තහනම් වෙයි 




ආරක්ෂක හේතුන් මත චීන රජය විසින් එරට WhatsApp භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මීට පෙරද අවස්ථා කිහිපයකදීම වට්ස් ඇප් වීඩියෝ දර්ශන සහ ඡායාරූප හුවමාරු කිරීම චීනය විසින් අවහිර කරනු ලැබුවා.

මෙම තහනමත් සමඟ චීනය තුළ WhatsApp ඔස්සේ පණිවුඩ හුවමාරු කිරීම සම්පුර්ණයෙන්ම ඇනහිට තිබෙනවා.

කෙසේ වෙතත් Wikipedia, Twitter, Facebook, Instagram සහ Google හි ඇතැම් වෙබ් අඩවි මේ වනවිටත් චීනය තුළ භාවිතය තහනම් වන අතර චීනය තුළ භාවිත වන්නේ WeChat නම් සමාජ ජාලයයි.

එහි මේ වනවිට සක්‍රීය සාමාජිකයන් ගණන මිලියන 963ක් වනවා.

මේ අතර චීන රජය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් WeChat සමාගම සඳහන් කර ඇත්තේ සියලුම සේවාවන් සැපයීමට තමන් සුදානම් බවයි.

ඇතැමුන් පෙන්වාදෙන්නේ WeChat සමාජ ජාලය චීනය තුළ තවත් ප්‍රචලිත කරගැනීම සදහා මෙම තීරණය ගෙන ඇති බවයි.