Wednesday, January 8, 2025

General line - 0115112241

රාජ්‍ය පරිපාලන විභාගයේ ප්‍රශ්න පත්‍රයක් යළි පවත්වන්නැයි ඇමතිගෙන් නියෝගයක්! අපේක්ෂකයින් මානව හිමිකම් කොමිසමට! (UPDATE)




පසුගියදා පැවති රාජ්‍ය පරිපාලන සේවයේ විවෘත තරග විභාගයේ බුද්ධි පරීක්ෂණ ප‍්‍රශ්න පත‍්‍රය අවලංගු කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ වෙනුවට  නැවත විභාගයක් පවත්වන ලෙසයි අධ්‍යාපන අමාත්‍යවරයා විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝග කර ඇත්තේ.

රාජ්‍ය පරිපාලන තරග විභාගයේ පසුගිය 24 වනදා පැවති බුද්ධි පරීක්ෂණ ප‍්‍රශ්න පත‍්‍රයේ අඩංගු වූ ප‍්‍රශ්න කිහිපයක් මීට පෙර ආදර්ශ ප‍්‍රශ්න පත‍්‍රවල පළ වී තිබූ බවට නෙත් නිවුස් පසුගිය 26 දා උදෑසන 6.25 ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් පළමු වරට අනාවරණ කළා. ඉන්පසු තවත් මාධ්‍ය ගණනාවක් ඒ පිළිබඳ තොරතුරු වාර්තා කර තිබුණා. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යවරයා විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.  

මේ අතර, මෙම ගැටලූව සම්බන්ධයෙන් එම විභාගයට පෙනී සිටි අපේෂකයන් පිරිසක් අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා. 

-----------------------------------------------------------

රාජ්‍ය පරිපාලන විභාගයේ එක් ප්‍රශ්න පත්‍රයක් යළි පවත්වන්නැයි ඇමතිගෙන් නියෝගයක්!

28-09-2017 15:52

 

රාජ්‍ය පරිපාලන විවෘත තරග විභාගයේ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය අවලංගු කර යළි එම ප්‍රශ්න පත්‍රය වෙනුවෙන් විභාගයක් පවත්වන්නැයි අධ්‍යාපන ඇමති විභාග දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙනවා.

පසුගියදා පැවති රාජ්‍ය පරිපාලන සේවා විභාගයේ බුද්ධි පරීක්ෂන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පෙර ප්‍රශ්න පත්‍රයකින් උපුටා ගෙන ඇති බව වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.