Wednesday, January 8, 2025

General line - 0115112241

යහපත් රාජ්‍ය සේවයක් ලබාගන්න ජනතාව අවදියෙන් ඉන්න!




තොරතුරු දැනගැනීමේ පනත මගින් සම්මුතිවාදී ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය පෙරටු කොටගත් ජනතා මූලික පාලන අරමුණු ඉටුවෙමින් පවතින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය සැමරීම වෙනුවෙන් කොළඹදි අද (28) පැවති සමුළුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා. 

ජනතාව වඩාත් අවධානයෙන් සිටීමෙන් ජනතා සේවය වඩාත් යහපත් තත්වයකට පත් කළ හැකි බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මෙහිදී අවධාරණය කළේ. තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත කාර්යක්ෂමව ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් රජය ගෙන ඇති ක‍්‍රියා මාර්ග පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී කරූණු පැහැදිලි කළා.

"රාජ්‍ය ආයතනවලට තොරතුරු නිලධාරීන් 3000ක් පමණ පත්කරල ඉන්නව. තවත් 500ක් පමණ මේ විෂය පිලිබඳ කටයුතු කරනව. අමාත්‍යංශ දෙකක් මේ මාසය තුලදී දැනුවත් කර ඇති බවත්, මාධ්‍යවේදීන් 700ක් පමණ මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා."