Wednesday, January 8, 2025

General line - 0115112241

සත්තුවත්ත රෑ ඇරපු මුල් දවසෙම ව්‍යාඝ්‍ර පැටවෙකු අනතුරට!




දෙහිවල ජාතික සත්වෝද්‍යානය රාත‍්‍රී කාලයේදී මහ ජනතාවට විවෘත කිරීම ආරම්භ කළ පළමු දිනය වූ ඉකුත් සිිකුරාදා දිනයේදීම ව්‍යාඝ‍්‍ර පැටවෙකු අනතුරට ලක්ව ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. එම ව්‍යාඝ‍්‍ර පැටවා රඳවා සිටි කූඩුවෙන් ඉවතට ගන්නා අවස්ථාවේදී පාදයක් අනතුරට ලක්ව ඇති බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහගෙන් ද විමසීමක් කළා. එහිදී ඇය කියා සිටියේ එම ව්‍යාඝ‍්‍ර පැටවාගේ පාදයක උලූක්කුවක් සිදුව ඇති නමුත් එය අනතුරක් නොවන බව වැඩිදුරටත් සොයාබැලීමේදී අනාවරණ වූ බවයි.

රාත‍්‍රී කාලයේදී දෙහිවල සත්වෝද්‍යානය විවෘත කිරීමෙන් සතුන්ට අහිතකර බලපැම් ඇති විය හැකි බව නෙත් නිවුස් සහ නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහන මගින් මිට පෙර පෙන්වා දුන්නා.