Wednesday, January 8, 2025

General line - 0115112241

හිටපු අග විනිසුරු උසාවි ගියාට වැඩක් වෙයිද?




පාර්ලිමේන්තුව සම්මත කර ඇති පනතක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකිදැයි මේවන විට වාද විවාද පවතනිවා. ඒ, පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතට එරෙහිව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා ඊයේ (28) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරිමත් සමගයි. අදාළ පනතට, පසුව එක් කළ සංශෝධන ඉවත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කෙරුණා.

20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැනුම් දී තිබියදී ඊට පරිබාහිරව ආණ්ඩුව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් දැමීමේ උත්සාහයක නිරත වන බවයි පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ. පාර්ලිමේන්තුවේ දී සම්මත වූ පනතක් එලෙස අධිකරණයේදී අභියෝගයට ලක් කළ හැකිදැයි හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.


නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය මේනක හරන්ගහගෙන් ද විමසීමක් කළා. ඔහු පෙන්වා දෙන්නේ, ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද පනතක් අධිකරණය මගින් ප්‍රශ්න කිරීමේ හැකියාවක් නැති බවය.


කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාමය බලයක් ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.