Friday, May 17, 2024

General line - 0115112241

මුන්දලම පාසල අසළදී රියඅනතුරක් -  18 දෙනෙකු රෝහලේ (PHOTOS)

ජූඩ් සමන්ත - හලාවත




කොළඹ - පුත්තලම මාර්ගයේ අනුරාධපුර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන් ගත් මගීන් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

 අද (29) අලුයම 12.10 පමණ අනතුර සිදුවී ඇති බවයි මුන්දලම පොලිසිය පවසන්නේ.

මුන්දලම පාසල අසළදී අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූවන් හලාවත රෝහලට ඇතුළත් කර ඇති අතර මුන්දලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.