Friday, May 17, 2024

General line - 0115112241

ආරවුලක් දුරදිග යාමෙන් පියා  නිවසට ගිනි තබයි (PHOTOS)




පවුල් ආරවුලක් දුරදිග යාම නිසා පියෙකු සිය නිවසට ගිනි තැබීමේ සිදුවීමක් හලාවත ප්‍රදේශයෙන් වාර්තා වනවා. 

හලාවත - අලුත්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක් මෙලෙස ගිනි තැබීමට ලක්ව ඇත්තේ.

ඊයේ රාත්‍රී 9.00ට පමණ ගිනි තැබීම සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. 

මේ සදහා තම පියා තවත් පුද්ගලයෙකුගේ ද සහය ලබා ගෙන ඇති බව පවුලේ බාල දියණිය පවසනවා.

හලාවත පොලිසිය හා නගර සභාවේ ගිනි නිවීම ඒකකය පැමිණ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න පැතිර යාම පාලනය කර තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීමට නොහැකි වුයේ නම් නිවස රැසකට බරපතල හානි සිදුවීමට ඉඩ තිබූ බව ප්‍රදේශවාසීන් පවසනවා.

ගින්නෙන් නිවසට බරපතල හානි සිදුවූ අතර අලාභය තවම තක්සේරු කර නෑ.

හලාවත පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.