Friday, May 17, 2024

General line - 0115112241

දුම්කොළ ආශ්‍රීත නිෂ්පාදන භාවිතය අවම කිරිම සඳහා ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය රජය අතදෙයි

වසන්ත පිවිතුරු




ශ්‍රී ලංකාවේ දුම්කොළ ආශ්‍රීත නිෂ්පාදන භාවිතය අවම කිරිම සඳහා රජය ගෙන යන ව්‍යාපෘතියට මූල්‍යමය  සහායෝගය ලබාදීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා 2017 වසරේ සිට 2021 වර්ෂය දක්වා අවශ්‍ය මූල්‍යමය පහසුකම් ලබාදීමට බ්‍රිතාන්‍ය රජය එකඟ වී ඇති අතර ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 20 පළමු අදියර යටතේ ලබාදීමට නියමිතයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල දුම්කොළ ආශ්‍රීත නිෂ්පාදන අවම කිරිම සඳහා විශාල ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකයි.

ජගත් සෞඛ්‍ය සංවිධානය මගින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියට ලොව රටවල් 15 අයත් වන අතර ඊට ශ්‍රී ලංකාවද ඇතුළත්.

ජගත් සෞඛ්‍ය සංවිධානය හරහා මෙම මූල්‍යමය ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතයි