Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරයෙන් ජනපති ඉවත්කරන්නැයි ගොණූ කළ පෙත්සම් නිෂ්ප්‍රභ වේ




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත්කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කර තිබූ පෙත්සම් කොළඹ දිසා අධිකරණ අද (29) නිෂ්ප්‍රභ කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක මෙලෙස අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බවයි නියෝගයක් නිකුත් කළේ.

නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභිකයින් දෙදෙනෙකු වන බොරලැස්ගමුව නගර සභාවේ හිටපු සභාපති අරුණ ප්‍රියශාන්ත සහ නාගරික මන්ත්‍රී අසංක ශ්‍රීනාත් යන අය විසින් මෙම පෙත්සම් ගොනුකර තිබූණා.

එම පෙත්සම්වල සඳහන් කර තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත් කරන ලෙසයි.

එමෙන්ම නිදහස් පක්ෂයේ වත්මන් සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තනතුරෙන් ඉවත් කරන ලෙස ද  අදාළ පෙත්සම් මගින් ඉල්ලා තිබුණා.