Wednesday, May 8, 2024

General line - 0115112241

බිලිඳු මළසිරුරක් එල්බොඩවත්තදී සොයා ගැනේ (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




නොර්වුඩි ප්‍රදේශයේ කර්කස්වොල්ඩි - එල්බොඩවත්ත, පහළ කොටසේ එළවලූ කොටුවක තිබි බිලිඳු මළසිරුරක් සොයාගෙන තිබෙන බව අප වාර්තාකරු පවසනවා.

ඊයේ (28) පස්වරුවේ මෙම මළසිරුර සොයාගෙන තිබෙනවා.

මෙම බිලිඳු මළ සිරුරේ හිස නොමැති බවත් සිරුර සුනඛයෙකු විසින් රැගෙන යන ආකාරය දුටු බවත් වතුකමිකරුවන් පිරිසක් නොර්වුඩි පොලිසියට දැනුම් දී තිබෙනවා. 

මෙය අලුත උපන් බිලිදෙකුගේ මළ සිරුරක් බවට සැක කෙරන බවයි පොලිසිය පවසන්නේ.

බිලිඳා ප්‍රසූත කළ මව සොයා ප‍්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සහයෝගය මත අද දහවල් සැකපිට බිලිදාගේ මව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

විසිනව හැවිරිදි ඇය එම වතුයායේම පදිංචිකාරිනියක් වන අතර ඇය අවිවාහක කාන්තාවක් බවයි පොලිසිය පවසන්නේ. 

මේ සමිබන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය හැටන් වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් පැවැත්වූ අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නොර්වුඩි පොලිසියට නියෝග කර ඇත්තේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නාවලපිටිය මුලික රෝහල වෙත යොමු කරන ලෙසයි.