Tuesday, May 7, 2024

General line - 0115112241

ගුවන් තොටුපලේ හදිසි පරිගණක බිඳ වැටීම යථා තත්ත්වටය

වසන්ත පිවිතුරු




කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ හදිසි පරිගණක බිඳ වැටීම යථා තත්ත්වයට පත් කර ඇති බව ගුවන්තොටුපල බලධාරින් පවසනවා.

                 

ගුවන් තොටුපලේ හදිසි පරිගණක බිඳ වැටීමක් වාර්තා වුවද මගින්ට එය විශාල බලපෑමක් එල්ල නොකළ බවයි බණ්ඩාරනායක ගුවන්තොටුපලේ කළමණාකරු කියා සිටියේ.

 

කෙසේ වෙතත් ඊයේ (28) දිනයේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ online computer check-in පරිගණක පද්ධතිය හදිසි බිඳ වැටීමකට ලක්වුණා.

 

ඒ හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයකට පත්වු බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.

 

ඊයේ (28) දිනයේදී සිදුවූ මෙම පද්ධතිය බිඳ වැටීමේ සිදුවීම ලොවපුරා ගුවන්තොටුපලවල් විශාල ප්‍රමාණයකින් වාර්ථා වූ බව ද බණ්ඩාරනායක ගුවන්තොටුපලේ කළමණාකරු සඳහන් කළා.

 

මෙහිදී සිදුව ඇත්තේ online check-in systems සහ Advanced Passenger Processing සම්බන්ධ Amadeus Altea මෘදුකාංගයන් පැය දෙකක කාලයක්  ක්‍රියාත්මක නොවීමයි.

 

ඒ හේතුවෙන් මගීන්ට අවශ්‍ය boarding passes මුද්‍රණය හා මගීන්ගේ ගුවන් ගමන් බලපත්‍රයේ සඳහන් තොරතුරු ලබගැනීමේ හැකියාව ඊයේ (28) සවස 2.30 සිට සවස 4.30 දක්වා ඇණ හිට තිබුණා.

 

කෙසේ හෝ ගුවන්තොටුපලේ කාර්යය මණ්ඩලය විසින් මගීන්ගේ boarding pass ලිඛිතව ලබාදීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.