ශ්රී ලංකාවේ තුර්කි ජනරජ තානාපති ටුන්කා ඌෂුහාදාර් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්රැවිස් සින්නයියා හමුවුණා.
ඒ ඊයේ (28) නාවික හමුදා මූලස්ථානයේදී.
මෙහිදී, ඔවුන් ද්වි පාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහද කතාබහක නිරත වූ බවයි නාවික හමුදාව පවසන්නේ.
එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණා.