Tuesday, May 7, 2024

General line - 0115112241

රාජ්‍ය ප්‍රතිපත්තිය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳව නුවරඑළිය රාජ්‍ය නිලධාරින්  දැනුවත් කෙරේ.




නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම ග්‍රාම නිලධාරින් සහ ආර්ථික සංවර්ධන නිලධාරින් සඳහා රාජ්‍ය ප්‍රතිපත්තිය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කිරීමේ හමුවක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (29) නුවරඑළිය දී පැවැත්වුණා.

මෙම අවස්ථාව සඳහා නුවරඑළිය, අඹගමුව,වලපනේ, කොත්මලේ හා හගුරන්කේත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නියෝජනය කරමින් දහසකට ආසන්න රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි වු අතර දක්ෂතා දැක්වු රාජ්‍ය නිලධාරින් ඇගයිම ද මෙහිදි සිදුකෙරුණා.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ පියදාස පුමුඛ මහජන නියෝජිතයින්, ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් නීල්ද අල්විස්, මහනුවර දිස්ත්‍රික් ලේකම් හා නුවරඑළිය වැඩබලන දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී.හිටිසේකර, නුවරඑළිය හිටපු දිස්ත්‍රික් ලේකම් හා වර්ථමාන සුරාබදු කොමසාරිස් ජනරාල් හෙලන් මීගස්මුලල  ඇතුළු පිරිසක් එක්ව සිටියා.