Tuesday, May 7, 2024

General line - 0115112241

විද්‍යා ඝාතකයින්ට යාපනයේ ජනතාව කරන්න යන දේ 

රොමේෂ් මධුෂංඛ - වන්නිය




විද්‍යා දැරිය ඝාතකයින්ට උපකාර කළ පිරිස අත්අඩංගුවට ගන්නැයි බල කරමින්  යාපනයේ ජනතාව හෙට (30) දිනයේ හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. 

මෙම ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින ස්විස් කුමාර් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු මුදාහැරීමට රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සහය ලබාදී ඇති බවටයි යාපනයේ ජනතාව චෝදනා කරන්නේ. 

නීතිඥ තමිල්මාරන් නමැත්තා ද ඝාතනයට උපකාර කළ බවට ද යාපනයේ  ජනතාව චෝදනා කරනවා. 

මොවුන්ට එරෙහිව යාපනය නගරයේ පෝස්ටර් අලවා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

හෙට පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරයට යාපනයේ කාන්තා සංවිධානය ද සහය දක්වා තිබෙනවා.