Sunday, May 5, 2024

General line - 0115112241

කටුගස්තොට පොලිසියේ 65කට ස්ථාන මාරුවීම්




කටුගස්තොට පොලිස් ස්ථානයේ රාජකාරී කළ නිලධාරීන් 65 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. 

ඒ, මහනුවර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුවයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ සේවා අවශ්‍යතා, දීර්ඝ කාලයක් එකම පොලිස් ස්ථානයක රාජකාරී කිරීම සහ විනය චෝදනා යන හේතුමත මෙම නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. 

පොලිස් පරීක්‌ෂකවරුන් තිදෙනෙකු, උපපොලිස් පරීක්‌ෂකවරුන් 6 දෙනෙකු, පොලිස් සැරයන්වරු 17 දෙනෙකු, පොලිස් සැරයන් රියදුරෙකු, පොලිස් කොස්තාපල්වරු තිස්හය දෙනෙකු සහ පොලිස් කොස්තාපල් රියදුරන් දෙදෙනෙකු මෙම පිරිසට අයත්.