Sunday, May 5, 2024

General line - 0115112241

රෝහින්ග්‍යා සරණාගතයින්ට විරෝධය දැක්වූ කාන්තාවක් අත්අඩංගුවට




ගල්කිස්ස ප්‍රදේශයේදී මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයන්ට එරෙහි විරෝධතාවකදී කලහකාරී ලෙස හැසිරුණු සැකකාරියක් ගල්කිස්ස පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගනු ලැබුවා. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හතලිස් දෙහැවිරිදි රත්මලාන ශ්‍රී ධර්මාරාම පාරේ පදිංචි කාන්තාවක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. 

සැකකාරිය ගල්කිස්ස පොලිසිය මගින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබෙනවා. 

සැකකාර කාන්තාව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

පසුගිය 26 වනදා පැවති මෙම විරෝධතාවයේදී කළහකාරී ලෙස හැසිරුණු තවත් පුද්ගලයකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. 

එලෙස අත්අඩංගුවට ගැණුනේ මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.