Saturday, July 27, 2024

General line - 0115112241

"දිනන්න බැරි නම් තනතුරුවල ඉඳලා වැඩක් නැහැ"




වත්මන් ආණ්ඩුවට ජාතික මට්ටමේ ගැටළු විසඳීමට හැකි වුවද ප‍්‍රාදේශීය මට්ටමේ ඇතැම් ගැටළු විසඳීමට නොහැකි වුයේ පළාත් පාලන ආයතන සහ පළාත් සභාවල බලය නොමැතිවීම හේතුවෙන් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

හිගුරක්ගොඩ ප‍්‍රදේශයේ ඊයේ (01) පැවති එක්සත් ජාතික පක්‍ෂ කොට්ඨාස සංවිධායකවරුන්ගේ හමුවක් අමතමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.

එහිදී අගමැතිවරයා සඳහන් කළේ "දැන් අලුත් ක්‍රමයකට එන්නේ..මුළු රටේම ඡන්දය තියෙන්නේ එක දිනයක. අපේක්ෂකයෝ තෝර ගන්නවානම් දිනන්න පුළුවන් අපේක්ෂකයන්ව තෝර ගන්න..දිනන්න පුළුවන් අපේක්ෂකයෝ තෝර ගත්තොත් බලය අතට එනවා. බලය නැතුව ප්‍රශ්න විසඳන්න බැහැ. තමන්ට ප්‍රාදේශීය සභා ඡන්දය දිනන්න බැරිනම් සංවිධායකකමේ ඉඳලා වැඩක් නැහැ." යනුවෙනි.

එක්සත් ජාතික පක්‍ෂය එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්‍ෂ සමග එක්ව ඉදිරි මැතිවරණයට තරග කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.