Thursday, January 9, 2025

General line - 0115112241

ස්වාධීන විසඳුමක් ලබාදීම සුදුසුයි




සයිටම් ගැටළුවට දේශපාලනීකරණයෙන් තොර ස්වාධීන විසඳුමක් ලබාදීම වඩා සුදුසු බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස පත් වූ මහාචාර්ය කොල්වින් ගුණරත්න පවසනවා.

මේ වනවිට ඒ සහා සාධරණ විසඳුමක් සකස් කරමින් පවතින බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

සයිටම් සිසුන්ට සාධාරණයක් ඉටු වන්නේ නම් තමන් ඊට ප්‍රසාදය පළ කරන බවයි නව සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනත සංශෝධනය කිරීමට තමන් බලාපොරොත්තු වන බව එහි නව සභාපති ලෙස පත්වූ මහාචාර්ය කොල්වින් ගුණරත්න පවසනවා.

වෙනත් රටවල වෛද්‍ය සභා පනත් විටින් විට සංශෝධනය කළ ද ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනතේ එවැනි සංශෝධනයක් බොහෝ කලකින් සිදුව නොමැති බවයි ඔහු කියා සිටියේ.