Friday, January 10, 2025

General line - 0115112241

වාහන ලස්සන කරන්න අලුත් රෙගුලාසි මාලාවක්




රථ වාහන මෙහෙයුම් තවදුරටත් සිදු කිරීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් වැඩිදුර උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. 


මේ අතර සිය දෙපාර්තමේන්තුවේ විධිමත් අවසරයකින් තොරව කිසිදු වාහනයක අලංකරණ කටයුතු සඳහා වෙනස් කිරීමක් සිදු කිරීමට නිත්‍යානුකූල අවසරයක් නොමැති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. 

මාර්ගයේ ගමන් කරන පුද්ගලයින්ට සහ අදාල වාහනයේ ගමන් කරන මගීන්ට අපහසුතාවක් හෝ අනතුරක් නොවන අයුරින් එවැනි අලංකරණ සිදු කිරීම සඳහා රෙගුලාසි මාලාවක් මේ වන විට සකස් කරමින් පවතින බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවේ. 

බස් රථ සහ ත්‍රීරෝද රථ සඳහා පමණක් එවැනි රෙගුලාසි මාලාවක් සකස් කර අවසන් බවද ඔහු කියා සිටියා. 


කෙසේවෙතත් අනෙකුත් වාහන සඳහා මෙතෙක් එවැනි රෙගුලාසි මාලාවක් සකස් කර නොමැති බවද මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා. 

ඉදිරියේදී එම වාහන සඳහා ද අලංකරණයට අදාල රෙගුලාසි මාලාවක් සකස් කරන බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු කියා සිටියේ.
 

මේ අතර බස් රථවල අමතර උපාංග ගලවා ඉවත් කිරීමට මේ වන විට මාස තුනක කාලයක් ලබාදී තිබෙනවා.