එළැඹෙන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සැලකිය යුතු වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් අද පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින්.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කිසිදු විරෝධයක් නොමැති බවයි.
විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසූ ප්‍රශ්නයකට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් අද පර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම පෙබරවාරි මස 17 වන දින සිදුකිරීමට නියමිතයි.
එමෙන්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට අදාළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.