Thursday, January 9, 2025

General line - 0115112241

වයඹ පළාතේ ප්‍රධාන රෝහල් 05ක හෙද හෙදියන් වර්ජනයක




වයඹ පළාතේ ප්‍රධාන රෝහල් 05ක හෙද හෙදියන් අද (03) සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පුත්තලම මහ රෝහල හා නිකවැරටිය, දඹදෙණිය සහ කල්පිටිය යන මූලික රෝහල්වල මෙන්ම මුන්දලම ප්‍රාදේශීය රෝහලේ හෙද හෙදියන් උදෑසන අටේ සිට මෙම වර්ජනය නිරත වන බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ. මේ,

ඊට හේතු ලෙස එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය කියා සිටියේ හෙද හෙදියන්ගේ උසස්වීම් ලබාදීමේ දී ගැටළු රුසක් මතුව ඇති බවයි.

පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා කටයුතු කර ඇති ආකාර සම්බන්ධයෙන් ද සෑහීමට පත්විය නොහැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

පළාත් ආණ්ඩුකාරවරයා විසින් ද මෙය නිවරැදි කරන ලෙස පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක‍ෂවරයාට දැනුම් දී ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් ගෙන නොමැති බව ද ඔහු පැවසුවා.