වැල්ලවාය වරුණගම කොටවෙහෙරගල යාය ප්‍රදේශයේ ඇති වදිනහෙලයාය කඳු පංතියේ රක්ෂිතයක ඊයේ (02) හටගත් ගින්නෙන් දැනට අක්කර තිහකට අධික කොටසක් විනාශ වී තිබෙනවා.
පවතින වියලි කාලගුණය සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මෙම ගින්න වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර අවට කඳු රක්ෂිත වලටද ගින්න පැතිර යාමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාදීන් සඳහන් කළා.
ගින්න මැඩලීම සඳහා මෙතෙක් කිසිඳු පාර්ශ්වයක් මැදිහත් වී නොමැති බව නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් රක්ෂිතයට විශාල හානියක් සිදුව තිබෙනවා.