යතුරුපැදි වලින් පැමිණි ආයුධ සන්නද්ධ කල්ලියක් විසින් යාපනය කොක්කුවිල් ප්‍රදේශයේ වෙළඳසැළක් කඩා දමා තිබෙනවා.
අට දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පැමිණ කොක්කුවිල් මංසන්ධිය ප්‍රදේශයේ වෙළඳසැළකට පහරදී පළාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධියෙන් වෙළඳසැළට හානි සිදුව ඇති අතර පුද්ගලයින් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති බවයි අප වාර්තාකරු පැවසුවේ.
ප්‍රදේශවාසීන් පැවසා ඇත්තේ මෙය ආවා කල්ලියේ සාමාජිකයන් පිරිසක් විසින් සිදුකර ඇති බවයි.
වෙළඳසැළට පහරදෙන ආකාරය දැක්වෙන දර්ශන පහතින්.