Saturday, July 27, 2024

General line - 0115112241

රෝහින්ග්‍යා සිද්ධියේ පොලිසියට වෙට්ටු දාන බාලිකා පාසලක විදුහල්පතිනියකටත් තර්ජනය කළ පොලිස් කොස්තාපල් අතුරුදහන් වෙයි




මියන්මාර සරණාගතයින් සම්බන්ධ සිද්ධියේ කලහාකාරි ලෙස හැසිරීමෙන් වැරදි ගණනාවක් සිදුකිරීමට අදාළ, කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකරන විමර්ශනයේදී අනාවරණය වී තිබෙන තවත් වැරදිකරුවන් දෙදෙනකු පිළිබඳ විස්තර මහජනතාවට නිවේදනය කර තිබෙනවා.

01. පූජ්‍ය අරඹේපොල රතනසාර හිමි, පුර්වාරාම විහාරය, කිරුළපන
02.ප්‍රගීත් වානක ගුණතිලක, මහවාද්දුව, වාද්දුව

ඉහත දෙවන සැකකරු ශ්‍රී ලංකා පොලිසියේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර ඔහු මේ වන විට වැඩහතනමකට ලක්ව ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

ඔහුට එරෙහිව මේ වන විට පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 03ක් ද පවතිනවා.

ඉන් නඩු දෙකක් මුස්ලිම් පල්ලියකට පහරදී අලාභහානි සිදු කිරීමේ නඩු වන අතර එක් නඩුවක් පානදුර බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියකට තර්ජනය කිරීමේ සිද්ධියක්.

ඉහත සැකකාර හිමි නම සහ අනෙක් සැකකරු මේ වන විට පොලිසිය මඟ හැර පළාගොස් ඇති අතර සැකකරුවන් සිටින ස්ථානයක් පිළිබඳ තොරතුරු දන්නේ නම් 071-8591727 අංකය ඔස්සේ අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාශය දැනුවත් කරන ලෙසයි දන්වා සිටින්නේ.