Friday, January 3, 2025

General line - 0115112241

උසස් අධ්‍යාපන ඇමති වෛද්‍ය පීඨ සිසුන්ගෙන් ඉල්ලීමක් කරයි




උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල වෛද්‍ය පීඨ සිසුන්ගෙන් නැවත ඉල්ලීමක් කරනවා.

ඒ පන්ති වර්ජනය අවසන් කර අධ්‍යන කටයුතුවලට සහභාගී වන්නැයි දන්වමින්.

මීට පෙරද අමාත්‍යවරයා සිසුන්ගෙන් මෙම ඉල්ලීම සිදු කළා.

අධ්‍යන කටයුතු සඳහා සහභාගී වන්නැයි දරුවන් උනන්දු කරන ලෙස වෛද්‍ය පීඨ සිසුන්ගේ මව්පියන්ගෙන්ද ඉල්ලා සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

සයිටම් ගැටලූවට විසඳුම් ඉල්ලා දැන් මාස කිහිපයක් තිස්සේ වෛද්‍ය පිඨවල සිසුන් පන්ති වර්ජනයක යෙදී සිටිනවා. මෙමගින් සිසුන්ට පෞද්ගලිකවත් පොදුවේ රටටත් අයහපතක් වන බවයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පෙන්වා දෙන්නේ.

වෛද්‍ය සිසුවෙකුගේ අධ්‍යාපන කටයුතු සඳහා රජය වාර්ෂිකව රුපියල් මිලියනයක් පමණ වැය කරන බවද මෙහිදී සිහිපත් කර දී තිබෙනවා.

සයිටම් ගැටලූව විසඳාලීමටද ආණ්ඩුව විවිධ උත්සාහයන් දරමින් සිටින බවයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් ප‍්‍රකාශ කරන්නේ.

ආණ්ඩුවේ විසඳුම් සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන්නේ නම් අධිකරණය මගින් තීරණයක් ගනු ලැබූ පසු විකල්ප ක‍්‍රියාමාර්ගවලට යා හැකි බවද මෙහිදී පෙන්වා දී තිබෙනවා.