Sunday, May 5, 2024

General line - 0115112241

පුදුකුඩුඉරිප්පුවේ සිට නිපද වූ ගිනිඅවි මෙන්න - සැකකරුගේ තවත් තොරතුරු හෙළි වෙයි (PHOTOS) (UPDATE)

මාධව කුලසූරිය




මුලතිව්, පුදුකුඩුඉරිප්පු ප‍්‍රදේශයේදී තුවක්කු ජාවාරමක් සිදුකිරීමේදී අත්අඩංගුවට ගත් සැකකරු අද(04) මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවසුවා.

පුදුකුඩුඉරිප්පු පොලිසිය පැවසූවේ සැකකරු සතුව තිබි බඳින තුවක්කු 07 ක්, කඩන තුවක්කු 03 ක්, බඳින තුවක්කු හා කඩන තුවක්කුවලට යොදන පතොරම් 2000 ක්, පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් ඇතුලු තුවක්කු සාදන උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගත් බවයි.

පොලිසිය වෙත ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගත් අතර, සැකකරු තුවක්කු සාදා විකුණා ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

සැකකරු කඩන තුවක්කුවක් රුපියල් 10,000 කටත්, බඳින තුවක්කුවක් රුපියල් 5,000 ක මුදලකටත් විකුණා ඇති බවයි වැඩි දුරටත් අනාවරණය වී ඇත්තේ.

සැකකරු එල්. ටි. ටි. ඊ. සංවිධානය ක‍්‍රියාකාරි අවදියේ එහි ආයුධ සකස් කිරීමේ කටයුතු සිදුකොට ඇති බවටද තොරතුරු හෙළි කරගෙන තිබෙනවා.

------------------------------

පුදුකුඩුඉරිප්පුවේ සිට ගිනිඅවි නිපදවයි

(03-10-2017 19:49)

 

මුලතිව්හි  පුදුකුඩුඉරිප්පු ප‍්‍රදේශයේ ගිනි අවි ජාවාරමක් සිදු කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ළඟ තිබී විවිධ වර්ගයේ ගිනි අවි 10ක් සහ පතොරම් 2000ක් සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.

පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 01කට වැඩි ප‍්‍රමාණයක්ද මෙම සැකකරු සතුව තිබී සොයා ගෙන තිබෙනවා.

ඔහු විසින් කලක් තිස්සේ ගිනි අවි නිපදවා ඒවා අළෙවි කර තිබෙන බවයි විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.