රක්ෂිත බන්ධනාගාර ගතකළ සැකකරුවෙකු මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දිවුලපිටිය පොලිසියේ අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපති මෙම මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
------------------------------
දිවුලපිටිය Crime OIC අත්අඩංගුවට
(05-10-2017 18:20)
දිවුලපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මීගමුව බන්ධනාගාරයේදී මියයාම සම්බන්ධයෙන්.
වැඩිදුර තොරතුරු සඳහා මුල් පුවතට පිවිසෙන්න.
------------------------------------------------------
සැකකරුවෙක් මරුට! දිවුලපිටිය OIC ට ස්ථාන මාරුවක්
05-10-2017 17:15
දිවුලපිටිය පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මීගමුව බන්ධනාගාරයේදී මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, මීගමුව සහකාර පොලිස් අධිකාරීවරයා යටතේයි. ශරීර අභ්‍යන්තරයේ ඇති වූ බහුවිධ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව අද සිදු කළ පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණ වුණා.
සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මෙම සැකකරු ඉකුත් 02වනදා දිවුලපිටිය පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ. අනතුරුව මීගමුව බන්ධනාගාරය වෙත යොමු කෙරුණු මෙම සැකකරු අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (04) රාත්‍රියේ මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා.
මේ අතර අදෘළ සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිස් ස්ථානයේ වැඩලබන ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබා දී ඇති බවයි පොලිසිය පැවසුවේ.