ඉන්ධන සඳහා මිල සූත‍්‍රයක් හඳුන්වා දීම කඩිනමින් සිදු කළ යුතු බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ අයි ඕ සී සමාගමට අවශ්‍ය පරිදී තෙල් මිල වැඩි කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.
ශ‍්‍රී ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව ලාභ ලැබිය යුතු ආයතනයක් නොවන බව ද එහෙත් පාඩු නොලබා පවත්වා ගෙන යායුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.