Sunday, May 19, 2024

General line - 0115112241

පවතින වැස්ස තද වැසිත් සමග ඉදිරියටත්!




ඉදිරිදින කිහිපයේදී පවතින වැසි තත්වය, තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාළගුණ දෙපාර්තමේන්තුව පවසනවා. 

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, විශේෂයෙන් දිවයිනේ නිරිතදිග කොටසේ සහ නැගෙනහිර පළාතේ විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැක. වයඹ සහ උතුරු පළාත්වලද වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. 

නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන සවස 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. 

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මි.75 පමණ තරමක තද වැසිද බලාපොරොත්තුවිය හැක. 

හම්බන්තොටදිස්ත්‍රික්කයේ විටින් විට හමන තරමක් තද සුළං  පැයට කිලෝ මීටර් 40-50  අපේක්ෂා කරන බවත් ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවියහැකි බවද කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. 

අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.